top of page

හිත දුර හන්දා

හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා ...
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා ...
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..//

ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා
හිත දුර හන්දා .....

අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමයි කියනා
ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා ...
හිත දුර හන්දා .....//

 

 

දිවියම වාගේ

දිවියම වාගේ දියකර ප්‍රානේ
දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ
දෙවියොත් මගේ ආදර තාත්තයි

පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා //

දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන්දී ඔබේ..
දරුවන් නිසා විදිනා සොවේ
දෙවියන්ද පුදුමෙන් සැලේ
මේ සංසාරේ.. පිං වැස්සාවේ.
වදිමි සැමදා රජුනේ..

පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා //

සිතුසේ නොබී සිතුසේ නොකා
දරුවන්ට දුන්නා සුවේ
බෝසත් ගුණේ පුරනා නිසා
නිවනින්ම සැනසුම් ලැබේ
මේ සංසාරේ.. පිං වැස්සාවේ..
වදිමි සැමදා රජුනේ..

දිවියම වාගේ..........

Title : Thaththa (Diwiyama Wage)
Singer : Chamara Weerasinghe
Lyrics : Shehan Galahitiyawa
Music : Priyantha Nawalage

පෙනේද TVවෙබ්අඩවිය

පෙනේද TVෆේස්බුක්

ආදර අම්මා

නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කිව්වා
දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කිව්වා
මා ... ආ ... ආදර මගේ අම්මා
මා ... ආ ... ආදර අම්මා
ඇගේ ආදර ලේ කිරි මම රස කර කර බිව්වා
මගේ ලෝකය,මගේ විශ්වය ගෙදර බුදුන් අම්මා
මා ... ආ ... ආදර මගේ අම්මා
මා ... ආ ... ආදර අම්මා

කඳුළු බිංදු හංඟා මට සුර සැප දුන්නා
රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා
දරු සෙනෙහස හින්දා අපමණ දුක් වින්දා
දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා
මා ... ආ ... ආදර මගේ අම්මා

යන එන තැන විමසා මා පසු පස උන්නා
හිත රිදුණම හිස අත ගා දුක් ගින්දර නිව්වා
නිවැරදි මඟ පෙන්නා ගුරුහරුකම් දුන්නා
ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මා
මා ... ආ ... ආදර මගේ අම්මා

නපුරු වෙන්න එපා ...

Singer : Chamara Weerasinghe
Lyrics : Shehan Galahitiyawa
Music : Priyantha Nawalage

 

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කාසි වාසියක් නෑ හාමතෙයි නැත්නම් අතේ සල්ලි //

කාටවත් බය නෑ අපි තිබුනත් නැතත් සල්ලි
ඔ.. තිබුනත් නැතත් සල්ලී
අපි කයිවාරු නෑ මල්ලී

ඒ උනත්...

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කාසි වාසියක් නෑ හාමතෙයි නැත්නම් අතේ සල්ලි

නැති බැරි එකා තල්ලු වෙනවා
පුලුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි නැගිටිනවා
මගේ ‍බලෙන් මං පෙන්නවා

ඇත්ත නෙන්නම්.....

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කාසි වාසියක් නෑ හාමතෙයි නැත්නම් අතේ සල්ලි //

Title : His Tin Ekak Wageyi
Singer : H.R.Jothipala,J.A.Milton Perera,Mohideen Beg
Lyrics : Siril A.Seelawimala
Music : G.L.A.Somapala Movie : Den Mathakada

 

ඔබට නොහැක

ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මටද නොහැක මල් විමල් තනන්නට  
නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට 
අපේ සුසුමන් හමුවෙලා මුමුනනු ඇත 

අතගිලි නොබැදෙන හිත බැදි සෙනෙහස
සසර පුරා ලග ඉන්න ඇති          
ඒ අත් භවයෙත් මේ වාගෙම අපි     
හමුවී වෙන්වී යන්න ඇතී           

හමුවී වෙන්වෙමු සසර පුරුද්දට       
එකම සදේ සද එළිය දකින කො‍ට    
ඉසුරු මුණියේ පෙම් යුවල නොවේ අප 
හිනැහෙමු කදුළැලි සගවා හිත යට     


Title : Obata Nohaka (Mal Dewata Theme Song HD Lyrics)
Singer : Ishan Lanthra (Centigradz)
Lyrics : Mahesh Rathsara Maddumarachchi
Music : Thusith Niroshan

 

මේ අනන්ත රාත්‍රියේ

මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තාරුකා කියන්නකෝ
නිදන්නෙ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුළින් තෙමී
තනිවේද මා අනේ...

ජීවිතේට මං කියූ
තාරකාවියේ...//
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ...

අම්බරේහි සඳ නොවී
එළිය දුන් ලියේ...//
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ...

මේ අනන්ත........

Title : Me Anantha Raththriye
Singer : Damith Asanka
Lyrics : Thanuja Sanjaya Herath
Music : Thanuja Sanjaya Herath
Melody : Thanuja Sanjaya Herath

 

ජිවිතේට හිමි අවසන් හුස්මත්

ජිවිතේට හිමි අවසන් හුස්මත්
රැගෙන ගියා නුඹ රැගෙන ගියා //
මේ ලො‍ව එක සැනසුම් සුසුමක් නෑ
නුඹ නැතිදා.. මා තනිවුන දා...
කදුළින් තෙමි... සුසුමෙන් වෙලී...
හදවතින් මා මැරි මැරි...
නෑ යලි සතුටක් දැනි...
ඔබේ ආදරෙන් මා.. යයි දැවී...

තුරුලේ වෙලී මට කීව කතා යලි
සවනේ රැව් දෙයි මහද රිදී
ඔබ නැති ලොකෙක මට මා හිමි නැත
මා මිය දෙයි සුසුමන් සිරවි
හැම හුස්මක නුඹෙ නම ඇත ලියවී
හැර යන්නට බෑ කිසිදා...

කදුළින් තෙමි සුසුමින් වෙලා
හදවතින් මා මැරි මැරි
නෑ යලි සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී...//


Title : Susumin Weli
Singer : Sanka Dineth
Lyrics : Naleen De Silva
Music : Aashiqui 2 Cover Version

 

කල්ප කාලයක්‌ පුරා සංසාර චාරිකා

කල්ප කාලයක්‌ පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගෙ මා ගාව පායලා
දෑසේ නෑවෙනා
මදහාසේ කාරණා
ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල් හිනා

මල් ගාව රොන් සොයන කාලේ
මං ආව හින්දා ද රහසේ //
නෙත් පහසේ ගෑවුනා සිත් අහසේ පාවුනා
ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල් හිනා //

කල්ප කාලයක්‌....

හද ගැස්‌ම මගෙ හුස්‌ම වාගේ
හැම තිස්‌සේ ඔබ ඉන්නවානේ //
නෙත් පහසේ ගෑවුනා සිත් අහසේ පාවුනා
ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල් හිනා //

කල්ප කාලයක්‌....

Singer : Sanka Dineth & Meena Prasadini
Lyrics : Nuwan Liyanage
Music : Sanka Dineth

 

හිත රිදවනා සුසුමක් වගේ

හිත රිදවනා සුසුමක් වගේ
නෙත හඩවනා කඳුළක් දිගේ//
හැබැහින් නැතත් හීනෙන් වගේ
ඇයිදැයි කියන්නකෝ මා හැර ගියේ
නුඹ ලඟ නැතිදා....////

හිත දුවනවා හැම තැන මගේ
නෙත පිරෙනවා සුවඳින් ඔබේ//
බැලු බැලු අතේ නුඹේ රුව වගේ
ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ
නුඹ ලඟ නැතිදා....////

හිත දවනවා මතකය ඔබේ
දින ගෙවෙනවා හීනෙන් වගේ//
දවසක ඇවිත් ලගටම මගේ
මොහොතක් ඉදින්නකෝ ඉස්සර වගේ
නුඹ ලඟ නැතිදා....////

Singer: Sanka Dineth
Lyrics : Isuru Weerasinghe
Music : Sanka Dineth

 

ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ

ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ //
කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ
මේ පොකුණු තලාවේ කුමුදු හිනාවේ

මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
රන්වන් කැළුම් නංවලා //
බඳ වටලා සළු පටලා //

ඔබ දකින දකින දිනක.........

පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
නිල් තරු දෑසෙ හැංගිලා //
ඔබ නැති දා ලොව නැත මා //

ඔබ දකින දකින දිනක.........

Title : Oba Dakina Dakina Dinaka
Singer : M.S.Fernando
Lyrics : M.S.Fernando
Music : M.S.Fernando

 

හිත හදාගන්න බෑ

හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ
ඔබ ම‍‍ගෙ වෙන්නෙ නෑ
ඉතින් යළි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා ආදරේ හැර දමලා
මා සදා හඩනවා මාරුතේ දුක දරා
හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ

ආදරයවී ජීවිතයදී මාගේ ලග උන්නු වේලේ
කීව හැමදේ තාම සිහිවේ පාළු උනු ලෝකේ මාගේ
හීන කදුළින් තෙමා ඈත සැගවී ඔයා
මාව අදුරේ හෙලා දෑස ලග අද නෑ මාගේ
මා සදා හඩනවා මාරුතේ දුක දරා

හීන වියකී දෑත නොපෙනී කා‍ටදෝ ඔබව හිමිවී
මාව තනිවී දෑස බොදවී කාට පවසමිද මේ දේ
ජීවිතය පාවෙලා ආදරය නෑ කියා
මාව හැරදා සදා ඈත යනවද මේ යාමේ
මා සදා හඩනවා මාරුතේ දුක දරා

හිත හදාගන්න බෑ......

Title : Hitha Hadaganna Baa
Singer : Chamika Sirimanne
Lyrics : Sajith V Chathuranga
Music : Kapil

 

කියන්න බැරි දේ

කියන්න බැරි දේ ලියා එවන්නම්
කියවා හඩනු එපා...
සිත තුල සිරවී සිදලනු නොහැකි
ආදර හැගුමන් ලියා එවන්නම්
කියවා හඩනු එපා...

නැත මා වරදක් ඔබහට කෙරුවේ
මෙතුවක් කල් මා නිහඩව සිටියේ //
මා නිවරදි බව ඔබ දැනගනී කියා
ඔබ යලි ඒවි කියා...

නොසිතූ අයුරින් නොපැතූ විලසින්
ඔබ වෙනකෙකු හා අතගත් පුවතින් //
හැඩවේ තවමත් සිත ඔබ මගේ කියා
හිමි නැති පැතුම සදා...

කියන්න බැරි දේ......

Title : Kiyanna Bari De
Singer : Chamika Sirimanne
Lyrics :
Music :

 

 

 

 

 

 

පෙනේද tv 

මියුසික්  ප්ලේයරය 

  • Facebook Long Shadow
  • Twitter Long Shadow
  • YouTube Long Shadow
  • Blogger App Icon

  බුදු   සරණ යි  ! 

යටට යන්න 

bottom of page